දිය නාමින් සිටි දරුවෙකුව කිඹුලෙක් ඩැහැගෙන යයි

(කොළඹ, ලංකාපුවත්) – ගල්කිරියාගම පොලිස් වසමේ මානේරුව රඹවැවේ දිය නාමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් දරුවෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

ඊයේ (11) දහවල් මෙම ළමුන් තිදෙනා දිය නාමින් සිටි අවස්ථාවේ එම අනතුර සිදුව ඇත.

මෙලෙස අනතුරට පත් වී ඇත්තේ මානේරුව, නෑගම්පාන ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දරුවෙකි.

අතුරුදහන් වූ දරුවා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරයි. ගල්කිරියාගම පොලිසිය මේ සම්බන්ධ වැඩිදචුර විමර්ෂණ සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *