ශ්‍රී ලංකා වරාය සංවර්ධනයට අවැසි සහාය දෙන්න ජපානය සූදානම්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක යෙදුණු ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය කොළඹ වරායේ චාරිකාවක පසුගියදා නිරත විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රභාත් ජේ මලවිගේ මහතා විසින් ජපාන විදේශ අමාත්‍යතුමිය ඇතුලු දූත පිරිස උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

කොළඹ වරායේ වත්මන් තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී ඇයව දැනුවත් කළ අතර අවශ්‍ය ඔ්නෑම සහයක් වරාය සංවර්ධනය වෙනුවෙන් ලබා දීමට ඇය මෙහිදී සිය කැමැත්ත පළ කළාය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර ඉතා දීර්ඝකාලයක පටන් පවතින ද්විපාර්ශවික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය සදහා ජපානය විසින් දක්වන ලද දායකත්වය කොළඹ වරාය ලබා ඇති වත්මන් ප්‍රගතියට මුල් වූ හේතු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිඩෙකි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා, අධ්‍යක්ෂ (අලෙවි හා ව්‍යාපාර ප්‍රවර්ධන) නිර්මාල් ද ෆොන්සේකා යන මහත්වරුන් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *