ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ප්‍රධාන ව්‍යාපෘති 100 කට අධික සංඛ්‍යාවක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ (20) Tianjin නගරයේ පිහිටි චීන ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

කෘත්‍රිම බුද්ධිය, බුද්ධිමය තාක්ෂණය සහිත මෝටර් රථ, වෙනත් බුද්ධිමය නිෂ්පාදන සහ රොබෝවරුන් ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර දහයකින් සමන්විත ප්‍රදර්ශනයට සමගාමීව විවිධ තරගාවලි ද පැවැත්වේ.

රටවල් හා ලොව විවිධ කලාප 49 ක විශාල පිරිසක් ආකර්ෂණය කර ඇති මෙවර ප්‍රදර්ශනයට දෙස් විදෙස් ව්‍යවසායන් සහ ආයතන 550 කට අධික සංඛ්‍යාවක් එක් ව සිටීම විශේෂත්වයකි.

ප්‍රදර්ශනය අතරතුර, ගෝලීය අධිකාරි ආයතන, ඉහළ මට්ටමේ බුද්ධි මණ්ඩල සහ සුප්‍රසිද්ධ සමාගම් විසින් පර්යේෂණ වාර්තා හා නවෝත්පාදන ප්‍රතිඵල 90 කට අධික ප්‍රමාණයක් නිකුත් කෙරෙනු ඇත.

ප්‍රදර්ශනයට පූර්වගාමී ව Tianjin නගරයේ දී 2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනයට අදාළ ප්‍රධාන ව්‍යාපෘති 103 ක් සඳහා අත්සන් තැබිණ. එහි සමස්ත ආයෝජනය යුවාන් බිලියන 109.2 ක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *