පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභා අනුමැතිය

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා, නීතිපති ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී තිබේ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පසුගිය ජූලි 1 වනදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා එම තනතුර සඳහා නම් කරනු ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *