(කොළඹ | ලංකාපුවත්) – 2024 ජූලි 06 වන දා ට යෙදුණු 102 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.
සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලු ම ආයතන එක් ව සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව සමුපකාර දින සැමරුම් පා ගමන්, මහජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් දැනුවත් කිරීමේ ජන රැළි ඇතුළු විවිධ වැඩසටහන්වලින් සමන්විත වූ අතර, එහි දී අප අතරින් වෙන් වූ සමුපකාරිකයින් සිහිපත් කිරීම හා ඔවුන් වෙත පිං පෙත් පැමිණවීම ද සිදු කෙරිණි.
‘සමුපකාරය හරහා සැමට යහපත් අනාගතයක් ගොඩනඟමු’ යන තේමාව මුල් කර ගනිමින්, ගාල්ල, මාතර, කුලියාපිටිය, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශ මූලික කර ගනිමින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන්වල දී ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම අරමුණට අමතර ව, සමුපකාරයෙන් සිදු වන සේවාවන් පිළිබඳ ව මහ ජනතාව දැනුවත් කරමින් රටේ සංවර්ධනයට සමුපකාර සංකල්පය ප්රශස්ත අයුරින් භාවිත කිරීම සඳහා දිරි ගැන්වීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ විය.
විශේෂයෙන්ම මෙම වැඩසටහන් ගාල්ල, මාතර, කුලියාපිටිය, කෑගල්ල, කුරුණෑගල, මහනුවර ගම්පහ කළුතර යන ප්‍රදේශ මූලික කරගෙන සිදුවිනි. මාර්ගගත ක්‍රමයට සනස සාමාජිකයන් අමතමින්
මෙහිදී අදහස් දැක්වූ පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන් “මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනය ‘සමුපකාරයෙන් ජනයාගේ අනාගතය යහපත් අකාරයට ගොඩනගමු’යන තේමාවට අනුව ක්‍රියාත්මක වන බවත්,එය කාලෝචිත බවත් ප්‍රකාශ කලේය.ඉන්දියාව,චිනය සහ ජපානය වැනි දියුණු රටවල් තම රටෙහි සංවර්ධනය වෙනුවෙන් සමුපකාරය සාර්ථකව උපයෝගී කරගෙන ඇති අතර දේශපාලන බලපෑම් වලින් තොර සමුපකාරයක් අප රට තුල ස්ථාපික කීරීමට එවැනි රටවල් කදිම උදාහරණයක්” බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී