යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය දිවයිනට

(කොළඹ | ලංකාපුවත්) –  යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ ඇත.

ඔවුන් අද (16) අලුයම 02.10ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියාය.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *