ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට

(කොළඹ | ලංකාපුවත්) –  ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යයි.

ඇමරිකාවේ Georgia ප්‍රාන්තයේ Apalachee උසස් පාසලේ ඉකුත් 4 වැනි දා සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් සිසුන් දෙදෙනකු ඇතුළු සිවුදෙනෙක් මිය ගියහ. තවත් නව දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙම වසරේ එරට පාසල් ආශ්‍රිතව මෙවැනි වෙඩිතැබීම් වාර්තා වූ 218 වැනි අවස්ථාව මෙයයි.

ගෙවුණු දශකය තුළ ඇමරිකාවේ පාසල්වල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිවලින් 51% ක් සිදු ව ඇත්තේ පන්ති පැවැත්වෙන අතරතුරදී ය. තුවක්කු ප්‍රචණ්ඩත්වය විශාල පරිමාණයෙන් රට පුරා පැතිර ගොස් ඇති බවත්, පාසල් තුළ සිදු වූ එවැනි සිදුවීම් ඉතා පිළිකුල් සහගත බවත් Washington Post පුවත්පත වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *