බිත්තර මිල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

(කොළඹ | ලංකාපුවත්) –  පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *