VOC ආශ්‍රිත ඉතිහාසය අලුත් කළ ගාලු සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්

(කොළඹ | ලංකාපුවත්) – 2024 සැප්තැම්බර් 30වැනිදා සිට ඔක්තෝම්බර් 03වැනිදා දක්වා 9 වැනි ලන්දේසී වෙළඳ මධ්‍යස්ථාන පිළිබඳ ජාත්‍යන්තර ජාල රැස්වීම සහ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දි ප්‍රථම වරට ගාල්ල කේන්ද්‍රීයව පවත්වනු ලැබී ය.

මේ සඳහා සත්කාරකත්ව දරනු ලැබුයේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ “ගාලු උරුමය පදනම” හා නෙදර්ලන්ත තානාපති කාර්යාලයයි.

මෙහි දි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබුයේ දැනුම හුවමාරු කර ගැනීම, පර්යේෂණ දිරිමත් කිරීම, VOC ආශ්‍රිත ඉතිහාසය පිළිබඳ අවබෝධය වැඩි කිරීම සහ හවුල් උරුමය කළමනාකරණය කිරීම පිළිබඳවයි. ඒහි මහජන සම්මන්ත්‍රණයේ තේමාව වුයේ “හවුල් උරුමය” යන්නයි.

ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය (චීනය), ජපානය, නෙදර්ලන්තය යන රටවලින් ජාත්‍යන්තර නියෝජිතයන් 23දෙනෙකු සහභාගි වූහ.

සමුළුවේ ආරම්භක උත්සවය 2024 සැප්තැම්බර් 30වැනිදා සවස ගාල්ල Radisson Blue Resort හි දී නෙදර්ලන්ත තානාපතිතුමයගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබිණි.

මෙම අවස්ථාවට සංස්කෘතික අමතයාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) නිශාන්ති ජයසිංහ මිය මෙන්ම අතිරේක ලේකම් (පරිපාලන) පල්ලියගුරු මියගේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරි ආරච්චි මිය, මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රණසිංහ මයා, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නධීරා රූපසිංහ මිය ආදී රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ සහ ගාලු උරුමය පදනම කළමනාකරණ මණ්ඩල සාමාජික මහත්ම මහත්මින්ගේ පැමිණිම ද සනිටුහන් විය.

දෙවන දින (ඔක්තෝබර් 1) අන්තර්ජාතික සමුළුව ගාල්ල Radisson Blue Resort හි දී පවත්වන ලදී.

තුන් වන දිනය (ඔක්තෝබර් 2) VoC සම්බන්ධ වෙළඳ ආයතන නියෝජනය කරන සියලුම සහභාගිවන්නන්ගේ ජාල රැස්වීම ගාලු කොටුවේ හෙරිටේජ් හෝටලයේදී පවත්වන ලදී. එක් එක් වෙළඳපළ සමඟ උරුමයන් සුරැකීමේ සහ කළමනාකරණය කිරීමේ ගැටළු සහ අභියෝග අත්දැකීම් බෙදා ගැනීම සහ සාකච්ඡා කිරීම මෙන්ම වෘත්තීය සාකච්ඡා සිදු කර ඇත.

මෙයට අමතරව 2024.10.01 සහ 02 දින දෙකෙහි දී ම ගාල්ල ලෝක උරුම නගරය තුළ (ඓතිහාසික වරාය සහ බලකොටුව ඇතුළුව) සහ මාතර බලකොටු (ප්‍රධාන බලකොටුව සහ තරු කොටුව) ක්ෂේත්‍ර චාරිකා සිදු කර තිබෙයි.

හතර වන දින (ඔක්තෝබර් 3) සමුළුවට සහභාගිවන්නන් කොළඹ ජාතික කෞතුකාගාරයට ගොස් 17 සහ 18 සියවස්වල දී නෙදර්ලන්තයට ගෙන ගිය පුරාවස්තු කිහිපයක් මෑතකදී ආපසු රැගෙන ඒමේ ක්‍රියාවලිය පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා ගැනිම සිදු කරන ලදි.

ඒසේම ශ්‍රී ලංකාවේ VOC වාඩිලාගැනීමේ සියවස් ගණනාවක් සහ කොළඹ ජාතික ලේඛනාගාරය නිරීක්ෂණය කිරීමට VOC ආශ්‍රිත ඉතිහාසයේ ලේඛනාගාර වාර්තා ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීමේ උත්සාහයන් පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම ද සිදු කළ අතර ඒදිනම ඓතිහාසික කොළඹ කොටුව සහ වරාය නැරඹීම ද සිදු කෙරිණි.

කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා ද සහභාගිත්වය ද සිදු විය.

ලංකාවේ දි ප්‍රථම වරට පැවැත් වූ මෙම Dutch Trading Post Heritage Network අන්තර් ජාතික සමුළුව සංස්කෘතික අංගයන්ගෙන්ද වර්ණවත්ව ඉතා හරවත්ව බොහෝ දෙනාට අත්දැකීම් සමුදායක් ලබා දෙමින් අති සාර්ථක ලෙස නිමාවට පත් විය.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *