ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතියට සමගාමී ව සණස ලයිෆ් නවතම පාරිභෝගික අත්දැකීමක්

(කොළඹ | ලංකාපුවත්) –  පාරිභෝගික අවශ්‍යතා මනා ලෙස අවබෝධ කර ගනිමින්, විශිෂ්ට, මිත්‍රශීලී මෙන් ම පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි ව ලොව පුරා වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය සැමරීමට පසු ගිය දා සණස ලයිෆ් රක්ෂණ සමාගම එක් විය.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා ප්‍රකාශ කළේ “අප සතු වටිනාම පාර්ශ්වය අපගේ වටිනා පාරිභෝගික ජනතාව බව පැවසිය යුතු ම යි. මෙවර පාරිභෝගික සේවා සතිය සැමරීම, අපගේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධ කර ගනිමින්, ඔවුන් වෙත අති විශිෂ්ට හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් අපගේ කැප වීමට උත්තේජනයක් ලබා දුන් බව අවධාරණය කිරීමට කැමතියි” යනුවෙනි.

“ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතියට සමගාමී ව සණස ලයිෆ් රක්‍ෂණ සමාගමේ නවතම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය 20024 ඔක්තෝබර් 10 වන දින අංක 297, හයිලෙවල් පාර, නුගේගොඩ යන ස්ථානයේ දී විවෘත කෙරුණා. මෙය මෙම වසරේ ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතියේ තේමාව සමඟ මනා ව සැසඳෙන බව මගේ අදහසයි. අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා පාරිභෝගික ජනතාව වෙත ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබා දීමට වගේ ම, ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රය තුළ අසම සම ප්‍රතිලාභ රැසක් ලබා දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් නිකලස් මහතා ප්‍රකාශ කළේ ය.

කාර්යක්ෂමතාව, ගුණාත්මක බව, සහකම්පනය, අඛණ්ඩ වර්ධනය සහ විශ්වාසය යන ප්‍රධාන පාරිභෝගික සේවා මූලධර්ම ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම අති නවීන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හරහා පාරිභෝගික ජනතාවගේ සෑම රක්ෂණ අවශ්‍යතාවක් සඳහා ගැළපෙන ම විසඳුම් ලබා දීමට කටයුතු කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම, අඛණ්ඩ ව නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කරමින් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ගුණාත්මක රක්ෂණ සේවාවක් ලබා දීම වෙනුවෙන් විවිධාංගීකරණය වූ නිෂ්පාදන කළඹක් හඳුන්වා දීමට කටයුතු කර ඇති සණස ලයිෆ් රක්‍ෂණ සමාගම, ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ 7 වැනි ස්ථානයට පත් වීමට සමත් වී ඇති අතර, එමඟින් සණස ලයිෆ් රක්ෂණ සමාගම පිළිබඳ පාරිභෝගික ජනතාව තබා ඇති විශ්වාසය පිළිබඳ ව මනා ලෙස පිළිබිඹු වේ. පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබා දීම වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, පාරිභෝගික ජනතාව වෙත ශක්තිමත් අනාගතයක් උදා කර දීම වෙනුවෙන් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අඛණ්ඩ ගමන් මඟේ තවත් එක් සංධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *