රනිල් ඉන්දියාවේ ගිහින්

(කොළඹ | ලංකාපුවත්) – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයක් පැවැත්වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා ගොස් ඇති බවයි වාර්තා වේ.

මෙම සංචාරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහායකවරයෙකු එක්ව තිබේ.

හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයින පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *