(කොළඹ, ලංකාපුවත්) – 2008 වසරේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලයාට බරපතල වැඩ සහිතව වසර 20 ක සිර දඩුවම් අද (29) නියම විය.
කොළඹ මහාධිකරණය විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයටත් පත් කරනු ලැබීය.
මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකාරියට ආධාර අනුබල ලබා දුන් බවට වරදකරු වූයේ කනගසබේ දේවදාසන් නොහොත් නාදන් නැමැත්තෙකි.
ඔහුට එරෙහිව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් කොළඹ ඞී.එස්.සේනානායක විද්‍යාලයේ සිසුන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.