Cinnamon Sri Lanka 2017 ඡායාරූප තරගය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – Cinnamon Sri Lanka 2017 ඡායාරූප තරගය දැන් ආරම්භ වී ඇත.

ලොව පුරා ඡායාරූප ශිල්පීහු සහ විඩියෝ ශිල්පීහු ඒ වෙනුවෙන් පිරිනැමෙන දැවැන්ත තිළිණය සහ කීර්තිමත් ‘වසරේ Cinnamon ඡායාරූප ශිල්පියා’ නාමය හිමිකරගැනීම සඳහා තරග බිමට ප්‍රවේශ වී සිටිති.

විශිෂ්ට දෘෂ්‍ය නිර්මාණ තෝරා ගැනීම වෙනුවෙන් මෙම වසරේ විනිශ්චය මණ්ඩලය සඳහා ලොව කීර්තිමත් ඡායාරූප ශිල්පියකු වන කාල් ටේලර් එක්ව සිටින්නේ මෙම තරගය පිළිබඳ වසර 20කට අධික පළපුරුද්දක්ද සමගිනි.

ලොව ඉහළම පෙළේ විනෝදාස්වාද සන්නාමයන් වෙනුවෙන් ගෝලීය පැවරුම් රැසක් සඳහා තම දායකත්වය ලබාදුන් ඔහු බහුවිධ කුසලතාවලින් සපිරි ලොව ඉහළම ඉල්ලූමක් සහිත ප්‍රචාරණ සහ වාණිජ කැමරා ශිල්පියකු ලෙසද නමක් දිනා සිටී.

ටේලර්, පුවත්පත් ඡායාරූපකරණ ක්ෂේත්‍රයෙන් තම වෘත්තීය ආරම්භ කරන ලද අතර විවිධ විෂයයන්ට අයත් ඡායාරූප නිර්මාණකරණයේ යෙදෙමින් ඒ පිළිබඳ හසල දැනුමක් ලබා ඇත්තෙකි. එ’ජීවිතයේ රසකාරකය විවිධත්වයයි’ යන්න තම ආදර්ශ පාඨය කරගත් ඔහු ඉතා පැහැදිලි ලෙස විශ්වීය ආකර්ෂණය සඳහා බලපෑමක් ඇති කළ හැකි ප්‍රතිරූප නිර්මාණය කිරීම සඳහා තම දෘෂ්‍ය දර්ශනය භාවිතා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *