අමෙරිකා ජනාධිපති ඉතාලියට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් ආරම්භ කරමින් ඉතාලියට පැමිණ ඇත. ට්‍රම්ප්ගේ මුල්ම නිල විදේශ සංචාරයේ අවසන් රට වන්නේ ඉතාලිය වේ.

අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ හා ඉතාලි රාජ්‍ය නායකයා ඇතුළු පිරිසක් හමුවීමට මෙම සංචාරයේදී ට්‍රම්ප් කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

දරිද්‍රතාවය හා සමාජ බේදය පිළිබදව ට්‍රම්ප් අතිඋතුම් සුදොතුම් පියනම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අමෙරිකා ජනාධිපතිවරයා යුරෝපීය සංචාරයක නිරත වන පළමු යුරෝපා රට වන්නේ ඉතාලියයි.

මෙම සංචාරයෙන් අනතුරුව ට්‍රම්ප්, බ්‍රසල්ස් බලා පිටත් වීමට නියමිතය. ඒ නේටෝ සමුළුවකට සහභාගී වීම සදහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *