(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් 80 දෙනෙකු මියගොස් සියයට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගන් ජනාධිපති මන්දිරය හා තානාපති කාර්යාල පිහිටා ඇති ප්‍රදේශයට නුදුරින් මෙම පිපිරීම සිදුව ඇත.
පිපිරවීමේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර අයි එස් සහ තලේබාන් සංවිධාන දෙකම මෙවැනි මහා පරිමාන ප්‍රහාර ඇෆ්ගනිස්ථානය වෙත එල්ල කර තිබේ. මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බවට විශ්වාස කෙරේ.
තුවාල ලැබූ බහුතර පිරිස සිවිල් වැසියන් වේ.
ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි මෙම ප්‍රහාරය හෙළා දකිමින් පවසා ඇත්තේ රාමසාන් යාච්ඤාවන් සිදු කරන මේ ශුද්ධ මාසය තුළ දී ද ත්‍රස්තවාදීන් අපගේ අහිංසක ජනතාව ඝාතනය කිරීම නතර නොකර ඇති බවය.