මෝරා චණ්ඩ මාරුතය ඉන්දියාව දෙසට

(කොළඹ, ලංකාපුවත්) – මෝරා චණ්ඩ මාරුතය ඉන්දියාව දෙසට ගමන්කර තිබේ.

ඊයේ උදෑසන බංග්ලාදේශයේ චිතගොං දිස්ත්‍රික්කයට පැමිණි සුළි කුණාටුව සවස් වනවිට ඉන්දියාවේ මිසෝරම් ප්‍රාන්තයට ළඟාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඒ සමඟ ඇසෑම්, මේගාලයා, අරුණාචල්, නාගලන්ඩ්, ත්‍රිපුර සහ මනිපූර් ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක් ඇදහැලී ඇත.

සුළි කුණාටුව හේතුවෙන් මිසෝරම් ප්‍රාන්තයේ නිවාස 80වකට පමණ හානි සිදුව තිබේ.

මෙමගින් මියන්මාරයට ද බලපෑම් එල්ලවිය හැකි බවයි කාලගුණ අංශ වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *