ශූරයන්ගේ කුසලානයේ පලමු ජය එංගලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ(01) එංගලන්තය හා බංග්ලාදේශය අතර පැවති පලමු තරඟයෙන් කඩුළු 08ක පහසු ජයක් ලබා ගැනීමට එංගලන්ත පිළ සමත් විය.

බ්‍රිතාන්‍ය සංස්කෘතික අංග වලින් සමන්විත වූ අලංකාර සම්භාරක උත්සවයකින් පසුව තරඟය ආරම්භ කෙරුණි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝරගන් පලමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කළේය.

සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී 305ක් ලබා ගැනීමට සමත් විය. තමින් ඉක්බාල් ලකුණු 128ක් හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 75ක් බංග්ලාදේශය වෙනුවෙන් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ලියම් ප්ලන්කට් ලකුණු 59 කට කඩුළු 4ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 306ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිළ පන්දුවාර 47.2 කදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගනිමින් තරඟය පහසුවෙන් ජයග්‍රහණය කරනු ලැබීය.

එහිදී ජෝ රූට් නොදැවී ලකුණු 133 හා නායක මොර්ගන් ලකුණු 75ක්ද , ඇලෙක්ස් හේල්ස් ලකුණු 95ක්ද එංගලන්තය වෙනුවෙන් ලබා ගත්තේය.ත

රඟයේ වීරයා ලෙස නම් කෙරුනේ එංගලන්ත පිළේ ජෝ රූට් ය. ඒ අනුව A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එංගලන්ත පිළ මේ වන විට සමත්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *