උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට නිකුත් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය සහ තවත් විදෙස් ගමන් බලපත්‍රයක් තහනම් කරමින් අද (30) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝගයක් නිකුත් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කරන ලදි.

එහිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කර ඇත්තේ උදයංග වීරතුංග මෙම ගමන් බලපත්‍ර භාවිතා කරමින් විවිධ රටවලට ගමන් කරන බවය.

මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරනු ලැබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *