(කොළඹ, ලංකාපුවත්) – 2040 වසර වන විට සියළුම ඩීසල් හා පෙට්‍රල් භාවිතා කරන වාහන සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ප්‍රංශය සැලසුම් කර ඇත. එසේම එම වසර වන විට ඩීසල් හා පෙට්‍රල් භාවිතා කරන වාහන අලෙවිය නතර කිරීමට ද ඔවුන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පැරිස් දේශගුණික සම්මුතියේ නව පොරොන්දුවක් ඉටුකිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව එරට පරිසර අමාත්‍ය නිකලස් හියුලෝට් සදහන් කළේය.
2050 වසර වන විට ප්‍රංශය කාබන්වලින් තොර රටක් කිරීමට බලාපොරොත්තුවන බව ඔහු පැවසීය.
ඩීසල් හා පෙට්රල්වලින් ක්‍රියාත්මක වන වාහන වෙනුවට දෙමුහුන් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ වාහන හදුන්වා දීමට නියමිත බව වාර්තා වේ.
මේ වන විට ප්‍රංශ රථවාහන වෙළෙද පොළේ දෙමුහුන් වාහන අලෙවි ප්‍රතිශතය 3.5%ක අගයක් වාර්තා කරන අතර විද්‍යුත් මෝටර් රථ සදහා 1.2%ක අගයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් 2040 වසර වන විට ඉතිරි වන ඩීසල් හා පෙට්‍රල් වාහනවලට කුමක් කරන්නේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.
එසේම පැරිස් නගරය තුළ වසර 2020 වන විට ඩීසල් වාහන තහනම් කිරීමට එරට නගරාධිපතිවරයා කැමැත්ත පළ කර ඇත.