(කොළඹ, ලංකාපුවත්) – සංරක්ෂණ කටයුතු සඳහා රන්ගිරි දඹුලු ලෙන් විහාරය, තාවකාලිකව වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රමුඛතාව අනූව ලෙන් පහ සංරක්ෂණය කිරීමට නියමිතය. දැඩි ලෙස විනාශ වීමේ අවදානමට ලක්ව ඇති ලෝක උරුම ලෙන් විහාරය වේගවත් සංරක්ෂණයට ලක්කිරීම මෙහි අරමුණ වේ. ඒ සඳහා දෙස් – විදෙස් සංරක්ෂණ විද්‍යාඥයින්ගේ උපරිම දායකත්වය සහ තාක්ෂණය උපයෝගී කරගැනීමට ද තීරණය කර ඇත.
අමාත්‍ය අකිල විරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) රැස්වූ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ජා කිරීමෙන් අනතුරුව මේ තීරණයට එළෙඹ තිබේ.
මෙම සංරක්ෂණයට වැයවන සමස්ත පිරිවැය දරනු ලබන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනි.
රන්ගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ද මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදුකිරීමටත් මෙහි දී තීරණය වී ඇත.