මැලේරියාව යළි ඇතිවීමේ අවධානමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – මැලේරියා රෝගය යළි ඇතිවීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනු ලැබේ.

මැලේරියා රෝගය යළි පැතිරයාමේ අවදානමක් පවතින බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

මේ පිළිබද සිදු කළ සොයා බැලීම්වලදී හෙළි වුණේ මැලේරියා රෝගය යළි පැතිරයාමේ කිසිදු අවදානමක් නැති බව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කළේය.

මන්නාරම් දූපතේ ළිං වල මදුරු විශේෂයක් ඇති බවත් කීට විද්‍යා සමීක්ෂණවලින් ද එය තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙයි. එහෙත් එම මදුරුවන්ගෙන් මැලේරියාව පැතිර යාමක් සිදුවන්නේ නැති බව ඔහු අවධාණය කරනු ලැබේ.

ඉදිරි දිනවලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ද මන්නාරමට පැමිණ මේ පිළිබද කරුණු අධ්‍යයනය කිරීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *