(කොළඹ, ලංකාපුවත්) – රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් එරට රැඳී සිටින අමෙරිකා නිලධාරින් 755 දෙනෙකුට තම රටින් පිටවන ලෙස දැනුම් දී තිබේ.
මෙය අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිදු කල ක්‍රියාවක් බවෙ වාර්තාවේ.
සැප්තැම්බර් 01වනදා වන විට අදාල නිලධාරින් රුසියාවෙන් ඉවත් විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එම තීරණයත් සමග රුසියාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වල නිරතව සිටින අමෙරිකා නිලධාරින්ගේ සංඛ්‍යාව හාරසිය පනස් පහ දක්වා අවම වන බව සදහන්ය.
මෑත ඉතිහාසයේ රාජ්‍යයක සිදු කරන විශාලතම රාජ්‍යතාන්ත්‍රික නෙරපා හැරීම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.