(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරු පිහිටවිම නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීයා සිටියේ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ(31) පැවැති දෙවැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මෙරට වරාය සහ ගුවන් තොටුපොළ ආරක්ෂාව බාරව කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
“ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිදු අවස්ථාවකදී විදෙස් හමුදාවක් සමඟ ගිවිසුම් හෝ සන්ධානගත වී නැහැ. එසේ නමුත් අපේ හමුදා මිත්‍ර රටවල් සමඟ හමුදා පුහුණු වැඩසටහන් සහ ඒකාබද්ධ යුද අභ්‍යාස යනාදියේ යෙදෙනවා” යැයි ද අගමැතිතුමා වැඩිදුරටත් එහිදී සදහන් කළේය.