(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් එකතුවනු ඇති බවට පසුගිය දිනවල පැතිරුණ කටකතා සනාථ කරමින් අද (4) දහවල් කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින් පසුවන බවට බ්‍රිතාන්‍ය රජ මාලිගය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
“Their Royal Highnesses The Duke and Duchess of Cambridge are very pleased to announced that The Duchess of Cambridge is expecting their third child.The Queen and members of both families are delighted with the news“ යනුවෙන් එහි සටහන් විය.
බීබීසී පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.
විලියම් – කේට් යුවළට මේ වනවිට ජෝර්ජ් හා චාර්ලට් නමින් පුතෙකු හා දියණියක සිටියි.
අද උදෑසන ලන්ඩනයේ හොනසි පාරේ ළමා මධ්‍යස්ථානයක රාජකීයයන් සම්බන්ධවීමට තිබුණ උත්සවයක් අවලංගුවී තිබුණ අතර එයට හේතුවූයේ කේට් කුමරියට ක්ලාන්තවීමේ තත්වයක් නිසා බවට වාර්තා පළවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් විය.
එසේම බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය, පසුගිය අගෝස්තු මාසයේ දී පෝලන්තයේ සහ ජර්මනියේ සංචාරයක නිරත වූහ. මේ ගමනට ජෝර්ජ් කුමරුත්, චාර්ලට් කුමරියත් එක්ව සිටියෝය. සංචාරය අතරතුර කාගේත් අවධානයට වැඩියෙන් ම ලක් වූයේ, ජෝර්ජ් කුමරු සහ චාර්ලට් කුමරිය බව විදෙස් මාධ්‍ය වාර්තාවන් හි දැක්විණ. ඔවුන් දෙදෙනාට තෑගි බෝග විශාල වශයෙන් ලැබුණු බවත් සඳහන් වේ.
මේ තෑගි බෝග “කන්ද” දෙස බලා සිටි කේට් කුමරිය, විලියම් කුමරු දෙසට හැරී කියා සිටියේ “ දැන් ඉතින් අපට තව දරුවෝ හදන්න වෙයි. …” කියා ය.