(කොළඹ, ලංකාපුවත්) –අත්‍යාවශ්‍ය නොවන මෙන්ම සෞඛ්‍යයට අහිතකර සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමට ජාතික ආර්ථික සභාව හරහා ඉදිරියේදී පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ කළුතර, බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පරිශ්‍රයේ දී ඊයේ(25) ආරම්භ කෙරුණු කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කරමිනි.
“සරු දිවියට – කෘෂි සවියක්” යන්න තේමා කර ගනිමින් වගා සංග්රාම ජාතික වැඩසටහන යටතේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබෙන ප්‍රදර්ශනය ලබන 27 වනදා දක්වා පැවැත්වේ.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා පමණක් වාර්ෂිකව රුපියල් කෝටි 2500 කට වැඩි මුදලක් වැය කෙරෙන බවයි. වසර දහස් ගණනක අපේ රටේ සංස්කෘතිය සහ අනන්‍යතාවය රැකගනිමින් අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපේ රටේම නිෂ්පාදන කර ගැනීම අත්‍යාවශ්‍ය බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශීය ගොවියාගේ නිෂ්පාදනවලට හොඳ මිලක් ලබාදෙමින් ගොවියාගේ ආර්ථිකය මෙන්ම රටේ ජාතික ආර්ථිකය ද ශක්තිමත් කිරීමට නම් අපේ දේට ඉහළ වටිනාකමක් ලබා දිය යුතු බව ද ප්‍රකාශ කළේය.
පසුගිය මාස කිහිපය තුළ රටට බලපෑ නියඟය සහ ගංවතුර සමග ඇති වූ කෘෂි නිෂ්පාදනයේ පහත බැසීම නිසා ඇති වූ පාඩුව වළක්වා ගනිමින් මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කිරීම සඳහා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ලබන මසදී ආරම්භ කෙරෙන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා සියලු ආයතන වෙත අදාළ චක්‍රලේඛ සහ උපදෙස් පති‍්‍රකා මේ වන විට නිකුත් කර අවසන් බව ද කියා සිටියේය.
දේශීය ලූනු ගොවීන් මුහුණ පා ඇති අසීරුතාවය සැලකිල්ලට ගනිමින් අද සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි පිටරටින් ගෙන්වන රට ලූනු සඳහා සියයට සියයක බද්දක් පැනවීමට තමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම වගා සංග්‍රාමය යටතේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ඉඩම් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර වගා කරන අය දිරිමත් කිරීමට කටයුතු කිරීම මෙන්ම වගා නොකරන අය පිළිබඳ නීතිමය කි‍්‍රයාමාර්ගවලට එළැඹීමට ද රජය කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා නීතියෙන් සහ ව්‍යවස්ථාවෙන් නොව මානුෂීය කි‍්‍රයාදාමයක් ලෙස සලකා රටේ දූගීභාවය තුරන් කර සියලු ජනතාවගේ කුසගිනි නිවන වගා සංග්‍රාමය හා සියලුදෙනා අත්වැල් බැඳගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගීවීමට සිදුකළ ඇමෙරිකා නිල සංචාරය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද ලෝකයේ සියලු රටවල මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ලොව ප්රමුඛ ජාත්‍යන්තර සංවිධානවල ද හොඳ හිත, මිත්රශීලිභාවය මෙන්ම, ආශිර්වාදය ශී‍්‍ර ලංකාවට නොඅඩුව හිමිව ඇති බව තමන්ට එහිදී හැඟී ගිය බවයි.
කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර රුපියල් මිලියන 46 ක වියදමින් ඉදිකළ බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.