රජයේ ක්‍රියාදාමයන් විනිවිදභාවයකින් යුතුව ජනතාවට දැනගත හැකියි – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ක්‍රියාදාමයන් විනිවිදභාවයකින් යුතුව ජනතාවට දැන ගැනීමට ඇති අයිතිය තොරතුරු දැන ගැනීමේ පනත මගින් රජය ස්ථාපිත කර ඇතැයි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

හෙටට (28) යෙදී ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියි.

යුතුකමේ වගකීම් මැනවින් වටහාගත් මේ රජය ජනතා අපේක්‍සාවේ වගකීම ඉටු කරමින් 2016 අගෝස්තු 04වන දින 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කළේය. සමාජ සාධාරණත්වයේ අපේක්‍ෂාවෙන් යුතුව නීතියේ ආධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කිරීමට ද මේ තුළින් හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන්” පිළිබඳ සමුළුව හෙට (28) පෙ.ව. 9.30 ට කොළඹ 06, වෙරළ පාර, ග්ලෝබල් ටවර් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගීත්වයෙන් එය පැවැත්වේ.

මෙහිදී“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සමාජගත කිරීමේ වැදගත්කම” පිළිබඳ දේශනයක්ද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාර්ථකත්වයේ පියසටහන් හා රාජ්‍ය ආයතනයන් මෙම පනත පිළිබඳ ලැබූ ප්‍රායෝගික අත්දැකීම්ද සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *