(කොළඹ, ලංකාපුවත්) –පකිස්ථාන ජාතික යුවලක් විසින් කිලෝ ග්‍රෑම් 2.7 ක හෙරෝයින් සමඟ කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට පත්ව ඇත.
අද(01) උදෑසන 04.40ට පමණ කටුනායක ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගුවන් තොටුපල පැමිණීමේ පර්යාන්තයේ දී අදාළ යුවළගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේ දී එහි තිබී හෙරොයනි තොගය සොයා ගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් මිලියන 30 ක් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් හා සැකකාරිය වයස අවුරුදු 30ක්වන පාකිස්ථානු ජාතිකයන් ය.
ඔවුන්ව අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගගුවන්තොටුපල මත්ද්‍රව්‍ය කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.