නැගෙනහිර රාජ්‍ය ආයතනවල විදුලි බිල 50%කින් අඩු කරන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා යටතේ පවතින ආයතන වල විදුලි බිල්පත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට වහාම පියවර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ(07) පස්වරුවේ සියළු පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නාය.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සියළු පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. ඒ අනුව සියළු පළාත් රාජ්‍ය ආයතන වල අවමය 20%ක් සහ උපරිමය 50%ක් වන සේ විදුලි බිල අඩු කිරීමට පියවර ගත යුතු බවද මෙම සාකච්ඡාවේදි මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

එම උපදෙස් වලට අනුව සදුදා(07) සිට විදුලි බිල් අඩු කර පෙන්වීමට කටයුතු කරන්නැයි වැඩිදුරටත් පළාත් ආණ්ඩුකාරවරිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *