සයිටම් ගැටලුව විසඳීමට ජනපතිගෙන් නව කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –මාලඹේ සයිටම් ආයතනය විසින් වෛද්‍ය උපාධි පිරිනැමීම පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කමිටුවක් පත් කර තිබේ.

වැඩබලන ජනාධිපති ලේකම් එස්. අබේසිංහ මහතාගේ අත්සනින් යුතු ප්‍රවෘත්ති නිවේදනයක් මගින් මේ බව සදහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ එම යෝජනාවලට ඇතුළත් නොවූ කරුණු සොයා බැලීම නව කමිටුව වෙත පවරා ඇත.

මෙම නව කමිටුවේ සභාපතිත්වය දරනුයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.

දැනටමත් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳ ව විශ්ව විද්‍යාල උපකුලපතිවරු, වෛද්‍යපීඨයන් හි පීඨාධිපතිවරුන්, රජයේ වෛද්‍ය නිලදාරී සංගමයේ නියෝජිතයින් ඇතුළු අනෙකුත් පාර්ශවයන් සමග ඉකුත් සිකුරාදා(03) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් රැස්වීමේ දී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්ව ඇත. එම සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු ද සැලකිල්ලට ගෙන ඉදිරිපත් වී ඇති විසදුම් යථාවත් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම යෝජිත නව කමිටුව වෙත පැවරේ.

ඒ අනුව උද්ගතවූ ප්‍රශ්ණය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම සදහා රජය විසින් සාධනීය ක්‍රියාමාර්ග ගණනායක් ගෙන ඇත.

රජය විසින් මේවන විට ක්‍රියාත්මක කර ඇති හා යෝජනා කර ඇති විදුම් ක්‍රියාමාර්ග ගැන සලකා බලා තවදුරටත් යම් ගැටළුවක් තිබේ නම් ඕනෑම පාර්ශවයකට ඒ සම්බන්ධයෙන් සාකච්චාවකට ආරාධනා කරනු ලැබේ. සත්‍යග්‍රහ, උපවාස සහ විරෝධතාවලින් ඉවත් වී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ඇතුළු සියලුම පාර්හවයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලීමක් ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *