(කොළඹ, ලංකාපුවත්) –අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් ප‍්‍රධාන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ඊයේ(12) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමනට එක් වෙමිනි.
දියවැඩියාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ එය වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් දියවැඩියා මාසයක් නම් කර දිවයින පුරා සියලු රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩවල සහභාගිත්වයෙන් එම මාසය තුළ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළේය.
එමෙන්ම විවිධ සමාගම් විසින් වෙළෙඳ පොළට නිකුත් කරන කිරි පැකට්වල අන්තර්ගත සීනි ප‍්‍රමාණය ප‍්‍රදර්ශනය කිරීම සහ පසුගිය අයවැයෙන් තීන්දු කළ පැනි බීම බද්ද ඊට අදාළව කි‍්‍රයාත්මක වීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර මෙවන් නිෂ්පාදන පිළිබඳ අදාළ තීන්දු තීරණ ගැනීමට තමා ඉදිරියේ දී දැඩිව කටයුතු කරන බව ද අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග කාර්යාංශය, ශ‍්‍රී ලංකා දියවැඩියා සම්මේලනය සහ ශ‍්‍රී ලංකා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබුණි.
පා ගමනින් ගාලු මුවදොර පිටියට පැමිණි ජනාධිපතිතුමා එහි සංවිධානය කර තිබූ චිත‍්‍ර ප‍්‍රදර්ශනය විවෘත කරමින්, එය නැරඹීමට ද එක් විය.
ජාතික දියවැඩියා දිනය වෙනුවෙන් සම්පාදනය කරන ලද ආරෝග්‍යා සඟරාව ද මෙහිදී වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අමාත්‍ය රාජිත සේනාරත්න, පොලිස්පති පූජිත ජයසුන්දර, දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් කටුලන්ද, ශ‍්‍රී ලංකා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක යන මහත්වරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.