අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අන්දමන් දූපත් ආසන්නයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ හේතුවෙන් ඉදිරි දිනවල දී විශේෂයෙන් දෙසැම්බර් 05වනදා සිට දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂිතය.

නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි ඇතිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *