ලොව කාර්යබහුලම ගුවන්තොටක ගුවන් ගමන් වාර දහසක් ඇණහිටී

(කොළඹ, ලංකාපුවත්) – ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළක් ලෙස සැළකෙන අමෙරිකාවේ හාට්ස්ෆීල්ඩ් ජැක්සන් ගුවන්තොටුපලේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් ගුවන් ගමන් වාර දහසකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව ඇත.

ඇතැම් ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යවා තිබේ. ඉන් මඟින් බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

භූගත විදුලි පද්ධතියේ හටගත් ගින්නක් සමග විදුලි ඇණහිටීම සිදුවන්නට ඇති බව වාර්තා වේ.

මේ වන විට එක් පර්යන්තයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බවද සදහන් වේ. අනෙක් පර්යන්තවලටද විදුලි සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බව ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේය.

මෙම ගුවන් තොටුපොළ දිනකට මගීන් දෙලක්ෂ පනස් දහසක් සදහා ගුවන් යානා 2,500කට ආසන්න සංඛ්‍යාවක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *