(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදාවේ හිටපු මාධ්‍යය ප්‍රකාශක ඩී කේ පී දසනායක මහතා ඇතුළු වූ නාවික නිලධාරීන් 06 දෙනා ඇප කොන්දේසි සපුරා අද(12) රක්ෂිත භාරයෙන් පිටව ගියේය.
මෙම පිරිස ඇප කොන්දේසි සම්පුර්ණ කිරිමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත අද ඉදිරිපත් කරන ලදි.
2008 වසරේදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 අතුරුදහන් කිරිමට එරේහිව කොටුව මහේස්ත්‍රතාත් අධිකරණයේ ඇති පෙත්පෙසමකට අනුව මොවුන් රක්ෂිත භාරයේ පසු විය.
ඒ අනුව අපේක්ෂිත ඇප ලබා ගැනිමේ අරමුණින් විත්තිකරුවන් මහාධිකරණයේ ගොනුකර කළා පෙත්සම සලකා බැලු මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පසුගිය 09 වනදා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ නියෝග කරන ලදි. ඒ අනුව ඩී කේ පී දසනායක මහතා ඇතුළු වූ නාවික නිලධාරීන් හයදෙනා අද ඇප ලබා නික්ම ගියේය.
එක් එක් සැකකරුවෝ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඉන් එක් ඇපකරුවෙකු රජයේ සේවකයෙකු විය යුතු බවත් අනෙක් ඇපකරු ලඟම ඥාතියෙකු විය යුතු බවටත් නියම කර තිබුණා.
ඇප තැබීමෙන් පසුව සෑම සෙනසුරාදා දිනකම රහස් පොලිසියට වාර්තා කළ යුතු බවටත් තවත් කොන්දේසියක් පනවනු ලැබීය.