(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානු හමුදා ප්‍රධානී කමාර් ජාවේද් බජ්වා මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව අද(15) දිවයිනට පැමිණේ. ඔහු ලබන 17වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.
හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී සිය වෘත්තීය සමකාලීන කරුණු පිළිබඳව සාකච්ඡා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය
පකිස්ථාන හමුදා සේවයේ යෙදී සිටින පාකිස්තාන මාණ්ඩලික විද්‍යාලයේ සේවය කරන සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සුදුසුකම් ලත් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලවල සේවය කරන නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව සිදුවන හමුවක්ද පැවැත්වෙනු ඇත.