(කොළඹ, ලංකාපුවත්) – හොරකමට, වංචාවට, දූෂණයට, නාස්තියට හා මිනීමැරුම්වලට විරුද්ධව අවංකව සහ නිවැරදිව තමන් සමග මුහුණට මුහුණ කතා කිරීමට හැකිනම් එකම වේදිකාවකට පැමිණෙන්නැයි තමා මේ රටේ ප්‍රධාන දේශපාලන නායකයින්ගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පස්වරුවේ පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුත්තේ සොරුන් රකින පක්ෂයක් ද, සොරුන්ට දඬුවම් ලබාදීමට හැකි පක්ෂයක් ද කියා මේ රටේ ජනතාව තීරණය කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස තමා ඉල්ලා සිටින්නේ තමා පුද්ගලිකව ශක්තිමත්වීමට නොව දූෂණයට, වංචාවට, හොරකමට සහ නාස්තියට විරුද්ධ තම ප්‍රතිපත්තිය සහ දර්ශනය ශක්තිමත් කිරීමට බව ද පැවසීය.
එවිට පිරිසිදු පාලනයක් තුළ රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළ කාර්යක්ෂම කළ හැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, හිටපු පළාත් සභා මන්තී‍්‍ර ජයන්ත මාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්විය.