(කොළඹ, ලංකාපුවත්) –හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ජාතික ක්‍රීඩා පාසලක් ලෙස මෙය සංවර්ධනය කිරීම රජයේ සැලසුම වේ. එහි ක්‍රීඩාගාරය හා නේවාසිකාගාරවල අඩුපාඩු සොයාබැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ බලාපොරොත්තුව විය.
එහි පිහිණුම් තටාකයේ ඉදිකිරීම් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හා ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.