(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාලතම සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහාතා ඊයේ(06) අත්සන් තැබීය.
CITES යනු ලොව වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාක විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය වන අතර මේ වන විට ලොව පුරා රටවල් 183 ක් මෙහි සාමාජිකත්වය දරයි. ශ්‍රී ලංකාව ඊට එක් වූයේ 1979 අගෝස්තු මස 2 වැනි දා ය.
මෙම බහුපාර්ශ්වීය ගිවිසුම මඟින් සාවද්‍ය වෙළඳාමෙන් ආරක්ෂා කිරීමට තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් විශේෂ නිරන්තරවම කටයුතු කරයි. සෑම වසර 03වරක් ම සත්ත්ව හා ශාක වෙළඳාම පිළිබඳ වැදගත් තීරණ තීන්දු ගැනීම වෙනුවෙන් වූ CITES සමුළුව සඳහා සාමාජික රටවල් එක්රැස් වේ. CITES සම්මුතිය ඒ සඳහාම විශේෂ වූ බලපත්‍ර ක්‍රමයක් මත ක්‍රියාත්මක වන අතර ශාක හා සත්ත්ව වර්ග ලැයිස්තු ගතකර ඇත.
නිදසුනක් ලෙස, ශ්‍රී ලංකා කොටියා CITES තුළ ඇතුළත් වන අතර ඔහු වෙළඳාම් කිරීම තහනමට ලක්කර ඇත. CITES සම්මුතිය ශ්‍රී ලංකාවේ තුළ බලගැන්වීම හා ක්‍රියාත්මක කරවීමේ කළමණාකරණ අධිකාරීත්වය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යි. සාමාජිකයන් අතර සම්මුතිය ක්‍රියාවට නැංවීම, ශාකවල තත්ත්වය, වෙළඳාම හා ඒවායේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීම සඳහා සම්මන්ත්‍රණය පවත්වනු ලබයි. සාමාජික රටවල් 183හි නිල නියෝජිතයින්ට අමතරව ජාත්‍යන්තර රජ්‍ය නොවන සංවිධාන ඇතුළු වෙනත් විද්‍යාත්මක ආයතන සහ අන්තර්ජාතික මාධ්‍ය ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර 3500ක පමණ පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2019 මැයි මස 22 වන දින සිට සති දෙකක කාලයක් තිස්සේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත මෙම සම්මන්යත්රනණය සඳහා දැනටමත් මූලික සංවිධාන කටයුතු සිදුකරමින් පවතී. එය කොළඹ දී පවත්වනු ලබන විශාලතම ජාත්යෙන්තර සමුළුව වීම ද විශේෂත්වයකි.
සම්මේලනයට සත්කාරකත්වය දීමට අමතරව, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන අළෙවිය සඳහා ද මෙම සමුළුව මඟින් අවස්ථාව සැළසේ. විශ්වවිද්‍යාලය, දේශීය පර්යේෂණ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් බොහෝ ආයතනවලට ද ප්‍රදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනු ඇත. සම්මන්ත්රණ සඳහා පාසල් ළමුන්, උපාධි අපේක්ෂකයින් ඇතුළු විවිධ ස්වේච්ඡා කණ්ඩායම්වල දායකත්වය ලැබෙන අතර, CITES ආශ්රිව විවිධ තරඟවලට සහභාගි වීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වල නියැළීමේ අවස්ථාව ද හිමි හිමි වේ.
ශ්‍රී ලංකාව සතුව ඇති උතුම්ම ගුණාංගයක් වන ආගන්තුක සත්කාරකත්ව ගුණය පිළිබඳ මෙන්ම ජවසම්පන්න සංස්කෘතියක් හා ඉතිහාසයක් ද හිමි අප ශාක හා සත්ව සංරක්ෂණ හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන කැපවීම ලෝකය වෙන ප්‍රදර්ශනය කිරීමට ද මෙම සුවිශේෂ ජාත්‍යන්තර සම්මන්ත්රනණය මගින් බලාපොරොත්තු වේ.