“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවන බව, අග්‍රාමාත්‍ය රවිනි වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, රජය ඊට අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබා දෙන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා අධ්‍යක්ෂකරුවන්ගේ ආයතනයේ 6 වැනි වාර්ෂික සමුළුව අමතමින් ය.

එම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් (HE James Dauris), ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන, උප සභාපති ෆයිසාල් සලී, ප්‍රධාන විධායක නිලධාරිනී චමින්දා ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුලූ එම සමාගමේ සාමාජිකයින් සහභාගි වී සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන මහතාගේ සුරතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *