(කොළඹ, ලංකාපුවත්) –තායිලන්ත ගුහාවක සිරවී සිටින ළමුන් දොළොස් දෙනා සහ පාපන්දු පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් සදහා දහසක බල ඇණියක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නාවික හමුදා කිමිදුම් කරුවන්, හමුදා සාමාජිකයන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාන්‍ය වැසියන් ද ඊට ඇතුලත් ය.
කෙසේ නමුත් මෙම බේරාගැනීමේ මෙහෙයුම අධි අවදානම් බව තායිලන්ත රජය සදහන් කර ඇත.
නමුත් ඔවුන් දැඩි පරිශ‍්‍රමයකින් මෙහෙයුම්වලට එක්ව සිටින බවත්, තායිලන්ත රජය ප්‍රකාශ කර තිබේ.
එසේම මෙහෙයුම් අතරතුර කිමිදුම්කරුවෙකු මියගොස් ඇත.
ගුහාව තුළ සිරවී සිටින දරුවන්ට ඔක්සිජන් රැගෙන ගිය 38 හැවිරිදි තායි නාවික හමුදා කිමිඳුම්කරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෙන් කුහරයට ගොස් නැවත පැමිණීමේදී ඔහුට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොතිබීම නිසා මෙම මරණය සිදුව ඇති බව සදහන් ය.