(කොළඹ, ලංකාපුවත්) –ඇතැම් ජනතා නියෝජිතයින් ආඳාගේ පිටට සමාන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ස්ථිර ප්රතිපත්තියක සිට කටයුතු නොකිරීමෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාවට නැගීමට ඇති අවස්ථාව අහිමිවී ඇති බවයි.
පුත්තලම් දිස්ති‍්‍රක්කයේ වාරි ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ආණමඩුව පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදී ඔහු මේ බව පැවසීය. වයඹ පළාත් සභාව යටතේ කි‍්‍රයාත්මක යකමුණ වාරි ඇල ව්‍යාපෘතිය නිසි පරිදි කි්රයාත්ම නොවන තත්ත්වයක් පවතී. මේ හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයිමටද නොහැකි වී තිබේ. 2018 ජූනි මස 13 දා මැදගොඩ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ග්‍රාම ශක්ති වැඩසටහනේදීද මෙම ව්‍යාපෘතියේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් සාකච්ඡුා විය. එහිදී ජනාධිපතිවරයා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන්නේ යකමුණ ව්‍යාපාරයේ සියළු වගකීම් වාරිමාර්ග අමාත්‍යංශය වෙත පැවරීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ලබා දුන් නියෝගය කි‍්‍රයාත්මක කිරීමට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ දක්වා කි‍්‍රයාකර නොමැති බවයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවැසීය,
ජනාධිපතිතුමා කියලත් මේ අය නිසිලෙස කටයුතු කරන්නේ නෑ. මෙම හැසිරීම්වලින් අසරණ වන්නේ ජනතාවයි. මේවා පුද්ගලික බූදල නෙමෙයි. රජයෙන් හෝ පළාත් සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් හෝ මේ කටයුතු නිසි පරිදි සිදුවිය යුතුයි. හැබැයි නොවෙන තැනදී අපි මැදිහත් වෙනවා. යකමුණ ව්‍යාපාරයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුදල් යොදවන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය පැවරීම් සිදු කරන්න වයඹ පළාත් සභාව මේ දක්වා කටයුතු කර නැහැ. දැන් මාස දෙකකුත් ගත වී අවසන්. ඉතිං කොහොමද වැඩ කරන්නේ. ආඳාගේ පිට වගේ කියලා කියමනකුත් තියනවනේ. ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිනම් කිසිවක් කරන්න බෑ. හා කියනවා, පස්සේ සද්දේ නැතිව ඔහේ ඉන්නවා.
කොහොම වුනන් යකමුණ ව්‍යාපාරය නගා සිටුවන්න අපට අවශ්‍යයි. ඒ නිසා ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම දැනුම්වත් කරන්න පියවර ගන්නවා.