ලංකා IOC ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.

සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල ​​රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

ඒ අනුව සංශෝධිත මිල ගණන් මෙසේය.

ඔක්ටේන් (92) පෙට්‍රල් නව මිල රුපියල් 338ක්, ඔක්ටේන් (95) රුපියල් 367ක්
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක්
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327ක්
ප්‍රිමියම් ඩීසල් ලීටරයක මිල රුපියල් 295ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *