පේරා සෙට් එකක් හිමාලය තරණය කරයි

(කොළඹ | ලංකාපුවත්) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 2024 හිමාල ගවේෂණ කණ්ඩායම අභියෝගාත්මක සංචාරයේ ප්‍රධාන ඉලක්කය සපුරා ගනිමින් පෙරේදා (27) පෙරවරු 8.27ට උන්නතාංශය මීටර් 6189 වන අයිලන්ඩ් පීක් (Island peak) වෙත ළඟාවී ඇත. මෙරට විශ්වවිද්‍යාල සිසු පිරිසක් මේ ස්ථානය වෙත ළඟා වූයේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Himalayanz ගවේෂක කණ්ඩායම හිමාල කඳුකරයේ මීටර් 3500ට ඉහළ අභියෝගාත්මක කොටස සාර්ථකව පසු කරමින් බේස් කැම්ප් වෙත ළගා වූයේ මෙයට සිව් දිනකට පෙරය.

ඉහළ උන්නතාංශය, අඩු උෂ්ණත්වය හා ක්ෂණිකව වෙනස් වන පරිසර තත්ත්ව හේතුවෙන් මේ මාර්ගය ඉතාම අභියෝගාත්මක එකක් බවට පත්ව ඇත.

Three passes යනු ලෝක කඳු නඟින්නන් අතර අතිශය භයානක, ඉතාම දුෂ්කර හා වඩාම අභියෝගාත්මක Everest Base Camp කඳු තරණ මාර්ගයයි. මෙරට විශ්වවිද්‍යාල සිසු කණ්ඩායමක් එම ස්ථාන ත්‍රිත්වය සාර්ථකව පසු කළ ප්‍රථම වතාව මෙයයි. Island peak තරණය කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ Himalayanz කණ්ඩායම සිසුවියක ඇතුළු 06 දෙනකුගෙන් සමන්විතය.

පසුගිය මස 08 වැනි දින දිවයිනෙන් පිටත්ව ගිය මේ කණ්ඩායමට ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන ජේ. ඒ. හර්ෂ ධර්මප්‍රිය, ආර්. එම්. ටී. ටී. බී. සමරකෝන් (විද්‍යා පීඨය), එච්. එම්. සී. එස්. මඩවෙල (ඉංජිනේරු පීඨය), ඩබ්ලිව්. එච්. එම්. ඩිල්ෂාන් (කලා පීඨය), එම්. ඒ. සඳුනි කාංචනා (ඉංජිනේරු පීඨය) සහ එම්. එම්. එච්. ආර්. බී. මාන්නප්පෙරුම (කෘෂිකාර්මික පීඨය) යන සිසු සිසුවියන් අයත්ය. මැයි මස 09 වැනි දින දක්වා හිමාලයානු ගවේෂණය දියත් කිරීමට සිසු කණ්ඩායම සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *