ඉන්ධන මිල අඩු කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)
පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)
සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)
භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)

එසේම ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *