(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආවරණ වන පරිදි සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට නියමිතය. එම පෙරහුරුව ලබන 05වනදා අම්පාර, මුලතිව් හා ගාල්ල යන දිස්ති‍්‍රක්ක මූලික කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.
එමෙන්ම දිවයින වටා ස්ථාපිත කර ඇති සුනාමි කුළුණු නාද කර ඒවායේ කි‍්‍රයාකාරීත්වය විමසා බැලීමටද නියමිතය.
සුනාමි තත්ත්වයක් ඇති වූ බව උපකල්පනය කරමින් අම්පාර, මුලතිව් හා ගාල්ල යන ප්‍රදේශවල පෙරහුරු පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ මෙය පැවැත්වීමටද පියවර ගෙන තිබේ.
එම අවස්ථාවන්ට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ මෙන්ම ස්වේච්ඡා සංවිධාන මෙන්ම ප්‍රදේශවාසී ජනතාවද සහභාගී කරවා ගැනීමට නියමිත බව ඔහු පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙම පෙරහුරුව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීය.
ආපදා අවදානම වැඩිම අනුපිළිවෙලට අනුව ශී‍්‍ර ලංකාව 04 වන ස්ථානයට පැමිණ ඇති බවත්, ඉදිරි අනාගතයේ ශී‍්‍ර ලංකාවට ආපදා බලපෑම මීට වඩා වැඩි විය හැකි බවට ජාත්‍යන්තර වශයෙන් පවා ගණනය කිරීම් සිදු කර ඇති බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි. එබැවින් ආපදා පාලනය කිරීමට පියවර ගන්නා සේම, ආපදා අවස්ථාවකදී කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳද අවබෝධය ලැබීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.