ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුව අවසන් කිරීමට අද(07) නියම කළේය.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන හතළිස් නවයකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම සිද්ධියෙ සැකකරුවන් වු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පවරා ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණ දන්වා සිටියේය.

ඒ අනුව මෙම බී වාර්තාව කැඳවීම අවසන් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉල්ලා සිටියේය. ඒ අදාළ නඩුව කැඳවීම අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මැදමුලන, විරකැටිය , ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන හතළිස් නවයකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එම නඩුවේ විත්තිකරුවන් වු හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු හත්දෙනෙකුට ලබන 10 වනදා අධිකරණයේ පෙනී සිටිමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *