(කොළඹ, ලංකාපුවත්) –ශ්රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ(20) පුහුණු සැසියකට එක්වෙමිනි. තිලකරත්න ඩිල්ෂාන් අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් සමුගැනීමට පෙර එක්දින තරග 330 කදී ශතක 22 ක් ද සහිතව ලකුණු 10,290 ක් ලබා සිටියේය.
ඩිල්ෂාන් මෙසේ ද කීය.
“මම ක්රීඩාවෙන් සමුගන්න ඉස්සරවෙලා 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්රීඩා කරන්න මගේ අදහසක් තිබුණා. මගේ තිබුණ ශාරීරික යෝග්යතාවයි එක්ක මට හිතුණා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මට යන්න පුළුවන් කියලා. ඒත් පස්සේ ආපු ප්රශ්න කිහිපයක් නිසා මම තරුණයන්ට තැන දීලා අයින් වුණා”
“මට දැන් ඇවිල්ලා එක පාරටම ලොකු ලොකු දේවල් කරන්න බැරිවෙයි. ඒත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හිතෙනවා.“
“මම ක්රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම හිතෙන් අත්ඇරලයි. ඒත් මට දැන් හිතෙනවා ඒ වෙනුවෙන් මටත් යමක් කරන්න පුළුවන් කියලා. අවස්ථාවක් ලැබුණොත් මම ඒ ගැන හිතලා බලනවා” යයිද ඩිල්ෂාන් වැඩිදුරටත් කියා සිටියා.
මේ වනවිට ආරම්භ වී ඇති වෙළෙඳ සේවා ක්රිකට් තරගාවලියේදී මාස් යුනිචෙලා කණ්ඩායමට නායකත්වය දෙන ඩිල්ෂාන් තවමත් ක්රිකට් ක්රීඩාවෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන නැහැ.