(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉරාකයේ මානව හිමිකම් ක්රියාකාරිනියක්ව වෙඩි තබා ඝාතනයකර තිබේ.
ඉරාකයේ බසාරා නගරයේ වෙළෙඳ සංකීර්ණයක් ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
සොආද් අල් අලී ලෙස හැඳින්වෙන ඇය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සඳහා ද එම නගරයේ දී එක්ව සිටි තැනැත්තියකි. එම අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇත.
අදාළ සිද්ධියෙන් ඇයගේ සැමියා ද තුවාල ලබා ඇති බව සදහන් වේ.