අර්ජුනට අධිකරණයෙන් ඇප

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(29) අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට පියවර ගැනුනි.

පසුගියදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුල්වීමට ගිය අවස්ථාවේ දී ඇතිවූ උණුසුම් තත්වය හමුවේ ඔහුගේ ආරක්‍ෂකයින් විසින් තැබූ වෙඩි තැබීමෙන් එහි සේවකයින් දෙදෙනෙකු මිය ගියේය.

මේ අනුව වෙඩි තැබීම සිදු කළ ඇමති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරියාව එම අවස්ථාවේම අත්අඩංගුවට ගත් අතර, අර්ජුන රණතුංග මහතාව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියත්න ලියනගේ මහතා නියෝග කළේ ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත ඔහුව ඇප මත මුදා හැරීමටයි.

නඩුව නැවත නොවැම්බර් 04 වැනිදා යළි කැඳවීමට නියමිතයි. ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ ඇමති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරියාව නොවැම්බර් 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *