ජනතා කැමැත්තට අවස්ථාව ලබාදීම විශිෂ්ටයි – සුබ්‍රමනියම් ස්වාමි

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණයක් මගින් ජනතා කැමැත්ත තීරණය කිරීමට ඉඩ ලබාදීම ශ්‍රී ලංකා ජනාධිතිවරයාගේ විශිෂ්ට ක්‍රියාමාර්ගයක් බව, ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට විපක්‍ෂය විරෝධය පළකිරීම කනගාටුදායක බවයි.

සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙලෙස අදහස් දක්වන ලදි.

“ශ්‍රී ලංකාව ඉලක්කකර ගන්නේ මහින්ද රාජපක්‍ෂ වැනි ස්වාධීන පුද්ගලයෙකු ආපසු බලයට එන නිසාද? ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණුවලදී ඉන්දීය රජය පසුවන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියකයි. ඔබට ව්‍යවස්ථාවක්, අධිකරණයක් තියෙනවා. ක්‍රමානූකූල මැතිවරණ මගින් ජනතාව තීරණය කරයි, කුමක් ද කළ යුත්තේ කියලා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතැම් බලතල දියකර හැරියද මාගේ දැනීමේ හැටියට ඇතැම් වගන්ති තිබෙනවා ඔහුට බලය පැවරෙන. හිතන්න මෙහිදී නීත්‍යානූකූල නොවන දෙයක් සිදු කළා කියලා. එසේ නම් ජනතාවට ඉඩ දෙන්න මැතිවරණයක් මගින් ඊට විරෝධය දක්වන්න. ජනතාවගේ කැමැත්ත තීරණය කරන හොඳම ක්‍රමය තමයි ඡන්දය. විපක්‍ෂ කණ්ඩායම් ඇයි මෙලෙස මැතිවරණ එපා කියන්නේ. ඔවුන් එය සුබවාදීව පිළිගත යුතුයි. මාගේ පෞද්ගලික මතය නම්, මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා බවයි“.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *