“සේනා” දළඹුවා වෙනත් බෝග වෙත ද පැතිරීමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම පළාත තුල බඩ ඉරිඟු වගාව ආශ්‍රීතව පැතිර යන “සේනා” දළඹුවා වෙනත් බෝග වෙත ද පැතිරීමේ අවදානමක් ඇති බැවින් ගොවීන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව මධ්‍යම පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂිකා කුසුම් සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

අතිරේක අධ්‍යක්ෂ කුසුම් සෙනවිරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම පළාතේ වලපනේ, නාවුල, විල්ගමුව, දොළුව සය හසලක උල්පතගම ඇතුළු ප්‍රදේශවල පැතිරෙමින් පවතින බවත් මෙම සේනා දළඹුවාගේ හානිය මර්දනය කිරීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ සහය ඇතිව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවද ඇය සදහන් කළාය.

බඩඉරිගු ආශ්‍රිතව බෝග වගා කර ඇති අනෙත් බෝගවලටද මෙම දළඹුවා පැතිරීමේ අවදානමක් පවතින බැවින් සහ මෙම දළඹුවා අතිශයින් හානිකර දළඹුවකු නිසාත් ගොවීන් වඩාත් අවධානයෙන් සිටිය යුතු බව බවද සෙනවිරත්න මහත්මිය කියා සිටියාය.

යම් බෝගයක දළඹුවාගේ හානිය දැක ගත හැකි වුවහොත් ළඟම පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස පළාත් අතිරේක කාෂිකර්ම අධ්‍යක්ෂ කුසුම් සේනෙවිරත්න මහත්මිය තව දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *